කන්තලේ වැවේ වාන් විවෘත කරයි

පවතින අධික වැසි සහිත කාලගුණය සමග කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි  114000 සම්පූර්ණ වීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස සියලුම වාන් දොරටු  අඟල් හය බැගින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි .

විවෘත කළ වාන් දොරටු දහයෙන් තත්ත්වයට ඝණ අඩි 1000 ක ජල ධාරිතාවක් පිට කරන අතර වැවට එකතු වන ජල මට්ටම වැඩි වුවහොත් වාන් දොරටු වල විවර මට්ටම වැඩි කිරීමට සිදුවන බව වාරි ඉංජිනේරු චින්තක එස්. සුරවීර මහතා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *