විදෙස් රටවලට අවශ්‍ය ලෙස ලංකාවේ ඉරණම් කතාව ලියන්න කැස කැවූ බලවේග ගැන කරුණු ආවරණය කර ගැනීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතව තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අදාළ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් අවශ්‍ය බවද මන්ත්‍රීවරයා කීය.
කථානායකවරයා විශ්වාසභංග යෝජනාව අවසානයේ කළ කතාවේදී අරගල සමයේදී ව්‍යවස්ථාවට පිටින් රටේ ජනාධිපති වගකීම බාර ගැනීම සඳහා දෙස් විදෙස් කණ්ඩායම් බලපෑම් ඇති කළ බවට ප්‍රකාශයක් කළ බව කී වීරවංශ මහතා තමා ලියූ සැඟවුණු කතාව පොතේද හිටපු ජනාධිපති ගෝඨාභය ලියූ පොතේද අරගලයට තිබූ විදෙස් බලපෑමක් පිළිබඳ තොරතුරු ඇතුළත් වන බව සඳහන් කළේය.
මෙය රටේ ස්වෛරිත්වය පිළිබඳ ඉතා බරපතල තත්වයක් බව කී මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ ව්‍යවස්ථාවට පිටින් තීරණ ගන්නට පෙළඹවන ලද්දේ කවුද?ස්වෛරීත්වයට බලපෑම් කළේ කවුද? ඔවුන් කුමන අරමුණක් ඇතිව එවැනි දේ කළාද? යන කාරණය පිළිබඳව හෙළි කර ගත යුතුව තිබෙන බව කීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීවෙි අරගලය දා ජනතා ස්වෛරීත්වයට බලපෑම් කළේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බවයි.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විනාශ කරන්නට කටයුතු කළත් එය අසීරුවෙන් අප නතර කරගත් බව කී කතානායකවරයා විදේශ බලපෑම් මතම ඒ කාරණා සිදුවූ බවට තමාට තොරතුරු නැතැයි කීය.