කතානායක අශෝක රන්වල මහතා එම තනතුරින් ඊයේ පස්වරුවේ ඉල්ලා අස්විය.
ඔහුට ඇතැයි පැවසුණු ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් එල්ල කෙරුණු චෝදනා පදනම් කරගෙන ඔහු එම තනතුරින් මෙසේ ඉල්ලා අස්වී ඇත.
ඔහු කතානායක ධුරයේ කටයුතු කළේ මාසයකට අඩු කාලයකි.
ඊට අදාල ලිපිය පාර්ලිමේන්තුවට යවා ඇත.