කතරගම පූජා භූමියට ප්ලාස්ටික් හා පොලිතින් මල්මාලා රැගෙන ඒම ලබන 22 වැනිදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණයත් සමගම ප්ලාස්ටික් හා පොලිතින් මල්මාලා වෙනුවට ස්වභාවික මල් හා තෙල් කඩදාසි වලින් සකසන මල් මාලා නියාමන ව්‍යාපෘතියක් ලෙස කතරගම පූජා භූමියට හදුන්වා දීමට නියමිත බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
“කතරගම පරිසර හිතකාමී නගරයක් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ප්‍රධාන වශයෙන් ස්වාභාවිකව හා තෙල් කඩදාසි වලින් සෑදූ මල්මාලා හැර ප්ලාස්ටික් හා පොලිතින් වලින් සැදූ මල්මාලා භාවිතයට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම කතරගම පූජා භූමිය ප්ලාස්ටික් පොලිතීන් වලින් තොර කළාපයක් බවට පත් කරලා ගග රක්ෂිතය නම් කර දෙපස ආරක්ෂිත බැමි ඉදි කරනවා. කුඹුක් පැළ සිටුවීමේ ව්‍යාපාතියක් ක්‍රියාවට නංවලා ඉදිරියේදී කතරගම පරිසර හිතකාමී පූජාභූමියක් බවට පත් කරනවා.”