කටුනායකට ආ යානා තුනක් මත්තලට හරවයි

ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම පැවති ඝන මීදුම් තත්වය නිසා මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ.

චීනයේ ග්වැන්ෂෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුණි .

එමෙන්ම සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 266 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ. කොළඹ අවට ද අද පෙරවරුවේ දැඩි මීදුම් සහිත තත්වයක් පැවැති අයුරු දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *