ඖෂධ සහ වෙනත් සැපයීම් 140ක් අර්බුදයක

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ලබාදීමට නියමිත ඖෂධ තොග භාරගැනීම සඳහා කමිටුවක් පත් කළ ද සැපයීමට නියමිත ව ඇති ඖෂධ සහ වෙනත් සැපයීම් 140කට වැඩි ප්‍රමාණයක් භාරගත නොහැකි ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී කමිටුවක් පත් කර ඖෂධ තොග භාර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබිණි.

හියුමන් ඉමිනොග්ලොබියුලින් එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරික්ෂණ සම අධිකරණමය කටයුතු හේතුවෙන් ඖෂධ තොග භාරගැනීම මන්දගාමී තත්ත්වයක තවදුරටත් පවතින බව ඖෂධ සැපයුම්කරුවෝ පෙන්වා දෙති.

වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 270ක් මේ වනවිට පවතින බව වාර්තා වේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පුරප්පාඩු පවතින කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙතෙක් කිසිවකු පත් නොකිරීම නිසා ද වෛද්‍ය සැපයුම් ගැටලුවක් මතු ව ඇති බව සඳහන්ය.

කළමනාකාරණ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ප්‍රසම්පාදන කමිටු පසුගිය කාලයේ නොපැවැත්වීම නිසා ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ද නොහැකි වී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්ගෙන් කළ වීමසීමක දී ඔහු කියා සිටියේ අධිකරණය හමුවේ පවතින නඩු කඩයුත්තක් නිසා ජාතික ඖෂධ නියාමන අධිකරිය මගින් ලබාදෙන නිර්දේශ සහ අනෙකුත් ලියකියවිලි නිසි පරිදි අධ්‍යයනය කරන බැවින් ඖෂධ තොග භාර ගැනීම ප්‍රමාද වී ඇති බවය.

එම ප්‍රමාදය ලබන සතිය වන විට මග හැරී යනු ඇතැයි ද සභාපතිවරයා විශ්වාසය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *