ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරි තුෂාර රණදේව මහතා ජාතික ඖෂධ නියාමනාධිකාරිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවනු ලැබ ඇත.
ඔහු ඖෂධ වේදීන්ගේ සංගමයේ සභාපතිවරයාද වෙයි.
ඖෂධ නියාමන අධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර සමාගම්වලට දෙන බවට එම අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් ඔහු මෙසේ අනිවාර්ය නිවාඩු යවනු ලැබ ඇත.
රණ දේව මහතා පාවිච්චි කළ සියලු බඩුමුට්ටුවහම බාර දෙන ලෙසත් යම්කිසි කාරණයකට හෝ ආයතන පරිශ්‍රයට පැමිණිය හැක්කේ තමාගේ අනුමැතිය අනුව පමණක් බවත් විජේවික්‍රම මහතා ඔහු අනිවාර්ය නිවාඩු යවමින් භාරදී ඇති ලිපියේ සඳහන් වේ.
එමෙන්ම තුෂාර රණදේව ගේ පෞද්ගලික ජංගම දුරකතනයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.
ඒ අධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර සමාගම්වලට ලබාදී ඇති බවට චෝදනා කරමින්, ඖෂධ නියාමන අධිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුවය.
කෙසේ වෙතත් අධිකාරියේ ඇතැම් සේවකයන් පවසන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී ඇතුළු දූෂිත ඉහළ නිළධාරීන්ගේ බලපෑම්වලට යටත් නොවී වංචා දූෂණ ක්‍රියා හෙළිකිරීම හේතුවෙන් රණදේව මහතාට මෙම ඉරණමට මුහුණ දීමට සිදුවූ බවයි.