ඖෂධ නියාමන අධිකාරිය ගැන විශේෂ අනාවරණයක්

ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා  සුවිශේෂී හෙළිදරව්වක් සිදුකළේය.

ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ එම අධිකාරියේ ලිපි ගොනු කිහිපයක් මේ වනවිට විනාශ කරමින් තිබෙන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ල කළේය.

“විධායක අධ්‍යක්ෂවරයා බලෙන් මෙම ඖෂධ නියාමන අධිකාරිය තුළ රැඳී සිටිනවා. ඔහු ඖෂධ නියාමන අධිකාරියට අයත් විවිධ ලිපි ගොනු විනාශ කරමින් පවතිනවා. ඊයේ රාත්‍රියේ මෙම විධායක අධ්‍යක්ෂවරයා ඖෂධ නියාමන අධිකාරියට පැමිණ ලිපි ගොනු වගයක් පේපර් කටර් එකිකන් විනාශ කරලා තිබෙනවා. ඒවා බෑග්වලට දාලා තියෙනවා.”

විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රීයාත්මක කිරිම සඳහා, අවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ ලබාගැනීමේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *