ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින් තනිවම පා ගමනක් ආරම්භ කර තිබේ.
එරට සරණාගතයින් ලෙස රැඳී සිටින සියලු පුද්ගලයින් හට ස්ථීර පදිංචිය ලබාදෙන ලෙසට බලධාරීන් වෙත බලකරමින් ඔහු මෙම පා ගමන ආරම්භ කර ඇත.
මෙම පා ගමන ආරම්භ කර ඇත්තේ නීල් පාරා නමැති ශ්‍රී ලාංකිකයෙකි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ඒ සඳහා කිලෝමීටර් 1,000කට ආසන්න දුරක මෙම පා ගමනේ නිරත වන බවය.
Ballarat සිට සිඩ්නි හි පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ මැතිවරණ කාර්යාලය දක්වා ඔහු පා ගමනින් යාමට නියමිතව ඇත.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ කිසිදු වීසා බලපත්‍රයක් නොමැතිව ඔහු වසර 08කට ආසන්න කාලයක් එරට රැඳී සිටින බවය.
ආසන්න වශයෙන් දිනකට කිලෝමීටර් 30ක දුරක් ගමන්කරමින් ඔහු සැප්තැම්බර් මස 09 වනදා අග්‍රාමාත්‍යවරයා වෙත සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් භාරදීමට සැලසුම් කර ඇත.