Lk reports news sinhala

ඔක්තෝබර් 17ට කලින් ජනාධිපතිවරණයක් පැවැත්වුවේ නැත්නම් ජනතාව පාරට බහිනවා – අනුර කුමාර

ලබන වසරේ ඔක්තෝබර් 17 වැනිදාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව මැතිවරණය නොපැවැත්වුවහොත් ජනතාව යළි පාරට බසින බවයි.

රජය විසින් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කල් දමා ඇති බවත්, ජනතා විධායක බලය ක්‍රියාත්මක කළ යුත්තේ ජනතාව විසින් පත් කළ ජනාධිපතිවරයා විසින් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර විදේශගත ශ්‍රී ලාංකිකයින් සමඟ පැවති හමුවකදී පැවසීය.

“පළාත් පාලන ආයතනයේ පරිපාලනය කොමසාරිස්වරයකු යටතට ගෙන ඒම පළාත් සභා ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතට පත් කළ හැකියි.නමුත් ජනතා විධායක බලය ක්‍රියාත්මක කළ යුත්තේ ජනතාව පත්කළ ජනාධිපතිවරයායි.එබැවින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ලබන වසරේ ඔක්තොම්බර් 17 ට කලින්.ජනාධිපතිතුමා මැතිවරණය මගහැර යන්න හදනවා නම් ඔක්තෝබර් 17ට කලින්වත් යන්න වෙනවා.ඇයි මිනිස්සු මෙච්චර දුක් විඳලා පාරට බහින්නේ නැත්තේ කියලා සමහරු අපෙන් අහනවා.ජනතාව බලාගෙන ඉන්නවා විතරයි ජනාධිපතිවරණය පවත්වන තුරු, මැතිවරණය නොපවත්වන බවට සංඥාවක් ලැබුණොත් ජනතාව පාරට බහිනවා,” ඔහු පැවසීය.

දිසානායක කියා සිටියේ බලය ලැබුණු පසු රට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියලු බලවේග ජනතා විමුක්ති පෙරමුණට අයත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *