එස් එම් රංජිත්ට වසර 16ක සිර දඬුවමක්

උතුරුමැද පළාත්  හිටපු  ප්‍රධාන අමාත්‍ය   එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව සිරදඬුවමක් කොළඹ  මහාධිකරණ  විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා  නියම කළේය.

2012 -2014  කාල වකවානුවේදී  උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී  නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස  රුපියල් 2,080,500 ක  මුදලක් ලබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයකට මෙම නඩුව පවරා තිබිණි.

අල්ලස් කොමිසම මගින් ගොනු කර තිබූ මෙම නඩුව  දීර්ඝ විභාගයකින් පසු විත්තිකරුවන්ට  එරෙහිව  චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමෙන් මෙම දඩුවම් නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *