එන්නත් ලබා ගැනීමට දිගු පෝලිම්

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථාන ආශ්‍රිව දිගු පෝලිම් දක්නට ලැබුණු බව වාර්තා විය.

බියගම රජයේ රෝහලේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානයට අද දිනයේ විශාල පිරිසක් එන්නත් ලබා ගැනිමට පැමිණ තිබූ අතර කිලෝමීටර් 02කට ආසන්න දිගු පෝලිමක් එහි දක්නට ලැබුණි.

සෞඛ්‍ය වෘත්තිය සමිති විසින් ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ එන්නත්කරණ කටයුතු සිදුනොවීම හේතුවෙන් ඊයේ දිනයට කැඳවිම් ලද පිරිස ද අද දිනයේ එන්නත් ලබා ගැනිමට පැමිණිම මීට හේතුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *