එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (26) තීරණය කළේය.
ඒ අනුව මෙවර ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වනු ඇත. මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂය, මනෝ ගනේශන් ගේ පක්ෂය ඇතුළු සුළු පක්ෂ ගණනාවකගේද සහාය ඔහුට හිමිවනු ඇත.
2019-09-26