එක වසරට ළමුන් ඇතුළත් කිරීමට ඉල්ලුම්පත් භාරගන්නා අවසන් දිනය මසකින් දීර්ඝ කෙරේ

2021 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීම සදහා ඉල්ලුම්පත් යොමු කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර ඇත.
ඒ, රට තුල පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙනි.

ඒ අනුව අයදුම්පත් යොමු කිරීමේ කාලසීමාව ජූලි මස 31 වනදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *