’’එක් චීනයක්’’ වෙනුවෙන් ලංකාව පෙනී සිටිනවා

එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් ලංකා රජය පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවේ චීනයේ බීජිං නුවරදී පැවසීය.

චීන-ලංකා ජනාධිපතිවරුන් දෙදෙනා අතර නිල හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපති අනුර දිසානායක මහතා මෙසේද කීය.

මහජන චීන සමූහ ආණ්ඩුවේ ආර්ථික, තාක්ෂණ,කාර්මික,යටිතල පහසුකම් මෙන්ම මානව සංවර්ධනය අතින් අත්කර ගෙන තිබෙන දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව බෙහෙවින් සතුටට පත් වෙනවා.ද්වි පාර්ශවික සහ බහු පාර්ශ්වික සංසද ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හිදී එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා.

චීන සමූහාණ්ඩුව දශක කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර මෙම සංචාරය අපගේ රටවල් වල ජනතාවගේ අන්‍යෝන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් බහු පාර්ශවික සහයෝගීතාවය ශක්තිමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *