’’එක් චීනයක් ප්‍රතිපත්තිය’’ දිගටම පිළිගනී

ශ්‍රී ලංකා රජය “එක් චීනයක් ප්‍රතිපත්තිය” අඛණ්ඩව අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා රජය ”එක් චීනයක් ප්‍රතිපත්තිය’ අඛණ්ඩව අනුගමනය කර ඇති අතර, එමඟින් නීත්‍යානුකූල චීනය ලෙස මහජන චීන සමූහාණ්ඩුව පමණක් පිළිගන්නා බවත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගන්නා බවත් අදහස් කරනු ලබයි.

ශ්‍රී ලංකා රජයේ එකී ප්‍රතිපත්තිය ඒ අයුරින්ම තවදුරටත් අනුගමනය කරමින් ඊට අනුගතව කටයුතු කරනු ලබන බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *