ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඔහු ඊයේ (31) සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති අතර ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් වාර්තා වී නැත.
ඔහු කලක් සබරගමුව හා දකුණු පළාත්වල ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර ඇත.
(Image – Daily News)