උසස් පෙළ විභාගය කල්දැමීමේ ඉල්ලීම පිළිඹදව අවධානය යොමුවේ

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය මත මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීම නිසා විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම මත මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගෙන උසස් පෙළ විභාගය කල් දමන ලෙසට විවිධ පාර්ශවයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.

මෙම ඉල්ලීම් විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට සැප්තැම්බර් මස 07 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිඹදව සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන ලේකම්, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *