උසස් පෙළ විභාගය කල්දැමීම සාමාන්‍ය පෙළ විභාගයට සහ 2024 පාසල් විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට බලපාන බැවින් එසේ ඉල්ලා සිටියද උසස් පෙළ විභාග කල්දැමිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. .
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ආණ්‌ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් උසස් පෙළ විභාගය කල් දැමිය යුතු බවට කළ ඉල්ලීම්වලට පිළිතුරු දෙමින් උසස් පෙළ විභාග නියමිත පරිදි පවත්වන බව ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය. විභාග නැවත කිරීමට අපේක්ෂා කරන සිසුන්ට එය අසාධාරණ වන බැවිනි.
“නැවත නැවත පැමිණෙන සිසුන්ට විභාග සඳහා සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරු පැවසූහ.