උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග ජලාශයේ පිටවානේ ගේට්ටු පහක් පස්වරුවේ විවෘත කළ නිසාවෙන් ජලාශයට පහල ජනතාවට දැඩි අවධානයෙන් සහ කල්පනාකාරීව සිටින්නැයි උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .
යලකන්නය සදහා උල්හිටිය රත්කිද ජලාශයෙන් වාරි ජලය නිකුත් කිරීම අවසන් වීමත්, දැනට පවතින වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහල යමින් රදවා ගත යුතු ප්‍රමාණය ඉක්මවා යන හෙයින් මෙසේ මීටර් 0.1 බැගින් ජලාශයේ පිටවානේ ගේට්ටු පහක් විවෘත කල බව හෙතෙම කීය .
විශේෂයෙන් මෙම පිටවානේ ගේට්ටු විවෘත කිරිමත් සමඟ ගිරාදුරුකෝට්ට උල්හිටිය මාර්ගයේ රත්කිද කෝසුව ජල පහරින් යට වී යන බව පවසන උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා එම ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ද දැනුම් දී සිටි .