“උමාඔයෙන් අසරණ වුවන්ට සහන දෙනවා” – අමාත්‍ය සමන්ත

උමා ඔය ව්‍යාපෘතිය හෙතුවෙන් අසරණ වු ජනතාවට සහන සැලසිම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබාදීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරිමට සහ එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලයට යොමු කිරිමටත් තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ එම අමාත්‍යශයන්වල ලේකම්වරු ඇතුලු පිරිසක් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේදී  පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම තීරණය ගත් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කීය.

උමා ඔය ව්‍යාපෘතියට ඉඩ කඩම් සහ දේපළ පවරා ගත් පිරිසගෙන් තවමත් සහන නොදුන් පිරිසට සහන ලබාදීම, ව්‍යාපෘතිය ඉදිකිරිමේදි සිදුවු ගිලා බැසීම්, පුපුරා යෑම් නිසා හනි වු නිවාස සඳහා වන්දි ලබා දීම, වගා වන්දි නොලැබුනු පිරිසට වගා වන්දි ලබා දීම, ජල ව්‍යාපෘති හරහා පානිය ජලය අහිමිවු අයට පිරිසිඳු පානිය ජලය ලබා දීම, කුලී නිවැසියන්ට  නොදුන් කුලී මුදල් දීම, පූර්ණ නිවාස හානි වු අයට ඉඩම් හා වන්දි දීම, පාරිසරික හානි සඳහා විදිමත් අධ්‍යානයකින් පසු පිළියම් යෙදිම, උමා ඔය පහළනිම්නයේ ජනතාවට වාරි ජලය හා විදුලිය නිපදවීම සඳහා හල්පිටිගල ජලාශය ඉදිකිරිම, සමස්ත උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවු වංචා දූෂණ අක්‍රමිකතා නීති විරෝධි කාර්යයන් පිළිබ්ඳව පුර්ණ විමර්ශනයක් කිරිම සහ මෙම ව්‍යපෘතිය හේතුවෙන් මධ්‍යම කඳුකරයෙ සිදුවන සොදා පාළුව, පාංශූ ඛාදනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනිම යන තීරණවලට එළැඹි බවද අමාත්‍යවරයා කීය.

එම කරුණු පිළිබඳව පුළුල්ව සාකච්ඡා කල බවත් ඒ අනුව මෙම අරමුණ සාක්ශාත් කර ගැනිම සඳහා රජය වෙත  නිර්දේශ ලබාදිමට කැබිනට් අනුකමිටුවක් පත් කිරිම සුදුසු බවට අමාත්‍ය ලාල් කාන්ත මහතා යෝජන කළ බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *