පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකළ මහහෝෂධ රෝහල සහ සුවතා මධ්‍යස්ථානයේ පළමු අදියර ජනතා සුබසාධනය සඳහා හෙට රජයට භාරදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදාළ උත්සවය හෙට කුරුණෑගල උමන්දාව මහා විහාර ආශ්‍රමයේදී පැවැත්වෙන බවයි ඔවුන් සඳහන් කළේ.
පූජ්‍ය නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහහෝෂධ රෝහල සහ සුවතා මධ්‍යස්ථානය ඉදිකරන ලදී. සිරි සමන්තභද්‍ර හිමියන් ත්‍රිපිටකය හා බුද්ධ චරිතය හා සෞඛ්‍ය අමාත්‍යාංශය විකෘති කරමින් දේශනා කිරීම සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක හා කාරක මහා සංඝ සභාව විසින් දැඩි විවේචනයට ලක් විය.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.