උපාලි පන්නිලගේ මන්ත්‍රිධූරයට එරෙහි පෙත්සමට දින දෙයි

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමට අපේක්ෂා කරන බැවින් සියලු වගඋත්තරකරුවන්ට නොතීසි දීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බව දැනුම් දෙමින් අභියාචනාධිකරණය එලෙස තීරණය කළේය.

අභියාචනාධිකරණ විනිසුරු එම්. ගොපල්ලව මහතා හමුවේ පෙත්සම කැඳවීය.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, රුහුණු විශ්ව විද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවට පත්කළ බව සඳහන් කරන පෙත්සම්කරු ඔහු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරන අවස්ථාවේදී රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *