උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනයට

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත්  අයුරින්  සංශෝධනය  කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය

ඒ අනුව අඩු වැටුපක් ලබන අයට වැඩි සහනත් වැඩි වැටුපක් ලබන අයට අඩු සහනයකුත් හිමිවන පරිදි එම බද්ධ සකස් කිරීමට අපේක්ෂා කරන බවද, ඒ සමඟම භාණ්ඩ කීපයක වැට් බදු ඉවත් කිරීමට කටයුතු කරන බව කී ජනාධිපතිවරයා  ලබන මහ කන්න යේ සිට වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගේ වී මිලට ගෙන සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ලවා ඒ සහල් බවට පත්කර ජනතාවට සහන මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවපැවසීය.

ජනාධිපතිතුමා  මෙම  අදහස් පළ කරනු ලැබුවේ සිරස නාලිකාවේ විකාශය වූ සටන සජීවී වැඩසටහනට සම්බන්ධ වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *