උපන් ඇඳුමින් කොළඹ සිට පිදුරුතලාගල ගිය තරුණයා අල්ලයි

ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින්  කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.

එම තරුණයා මහනුවර – කොළඹ මාර්ගයේ  අධිබල යතුරුපැදියක නැගී ගමන් කරන ආකාරය පොලිසි ගණනාවක නිලධාරීන් නිරීක්‍ෂණය කොට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලුහුබැඳ ගියත් ඒ කිසිවකුටත් ඔහු වෙත ළඟාවීමට හැකිව නොමැති බව පොලිසිය කියයි.

කෑගල්ල සහ මාවනැල්ල පොලිසිද එම පුද්ගලයා ලුහුබැඳ ගොස් ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් කඩුගන්නාව සහ පේරාදෙණිය පොලිසි දැනුවත් කිරීමෙන් අනතුරුව කඩුගන්නාව පොලිසිය විසින් මාර්ග බාධක යොදා වාහන හරස්කොට එම පුද්ගලයා කොටු කර ගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඔහු පිදුරුතලාගලට යාමට පැමිණියි.

අහංගම සිට පැමිණ කොළඹ හෝටලයක නැවතී අද පෙරවරුවේ ඉන් පිටත්වී යතුරුපැදියේ ගමන් කරන අතරතුර විටින් විට ඔහු හැඳගෙන සිටි ඇඳුම් ඉවත් කළ බවත්යි. ජීවිතය නිදහසේ විඳිය යුතු නිසා එසේ ඇඳුම් ඉවත් කළ බවත් ඔහු භාවිතා කළ ඇපල් වර්ගයේ දුරකථනයද අතරමගදී විසිකර දැමූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *