inflation

උද්ධමනය ගැන බරපතළ අනාවරණයක්

නව වැට් බදු සංශෝධනයත් සමඟ ආර්ථිකයේ සංකෝචනය වීමක් අපේක්ෂා කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම වැට් බදු සංශෝධනයත් සමග උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

2024 වර්ෂයේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගනු ලැබිණි.

ඒ අනුව සියයට 15ක්ව පැවති වැට් බද්ද හෙට දිනයේ සිට සියයට 18ක් දක්වා වැඩි වන අතර, මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ භාණ්ඩ හා සේවා රැසකට ද වැට් බද්ද පැනවීමට නියමිතයි.

මෙම බදු සංශෝධනයත් සමගින් වෙළෙඳපොළ තුළ භාණ්ඩ මිලෙහි සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සඳහන් කර ඇත.

මෙම වැට් බදු පැනවීමේ දී රජය විසින් ගනුලැබූ ඇතැම් ක්‍රියාමාර්ග ගැටලු සහගත බව ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා තවදුරටත් පවසයි.

මේ අතර, වැට් බද්ද සංශෝධනය වූ විගසින් වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාමක් සිදු විය නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙවැනි බදු පැනවීමකින් තොරව රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට නොහැකි බව ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *