අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් උතුරු පළාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන ඒකකයන් පවසා සිටියි.
මේ අනුව ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පළාතේ බලපෑම එල්ල වී ඇත්තේ යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හී ජනතාවයි.
මෙහිදී මන්නාරම දිස්ත්‍රීක්කයේ පවුල් 2063 කට අයත් පුද්ගලයින් 7854 දෙනෙකුද, යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 1904 කට අයත් පුද්ගලයින් 7025 දෙනෙකුද කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 111 දෙනෙකුට අයත් පුද්ගලයින් 365 දෙනෙකුද මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 84 කට අයත් පුද්ගලයින් 226 දෙනෙකුද පීඩාවන්ට පත්ව සිටින බවට ආපදා කලමනාකරන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි මාර්ග කිහිපය පැවති ගංවතුර තත්වයන් හේතුවෙන් කිඹුල්ලු මාර්ගවල පැමිණ ගෙවතුවල සිටියදී වනජීවි නිලධාරීන් සහ අසල්වසීන් විසින් ඔවුන් අල්ලා මුද හැරීමට කටයුතු කොට ඇති අතර ජනතාවට පරික්ෂාකාරීව සිටින ලෙසට දැනුම් දී ඇත.
සතියකට ආසන්න කාලයක් නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස ගංවතුර තත්වයන් ඇති ව තිබෙන අතරම ඉදිරියේදී පවතින තත්වය මීට වඩ වැඩිවිය හැකි බැවින් විපතට පත්වන ජනතව සහ දේපල ප්‍රමාණයන් ඉහල යා හැකි බවටද ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට ප්‍රදේශ බාර ග්‍රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් කටයුතු කිරීමටද පියවර ගෙන ඇත.