උතුරු මැද 11 ශ්‍රේණියේ අවසන් වාර විභාගය අත්හිටුවයි

ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු   මැද පළාතේ පාසල්වල 2024 වර්ෂයට අදාළව මේ දිනවල පැවැත්වෙන අවසන් වාර විභාගයේ, 11 ශ්‍රේණියේ විභාග කටයුතු තාවකාලිකව නතර කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

11 ශ්‍රේණියේ විභාගය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් සහ අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් . සමරකෝන්   මහතා විසින් ඒ සම්බන්ධයෙන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හට දැනුම් දීමක් කර තිබේ.

හය ශ්‍රේණියේ සිට දහය ශ්‍රේණිය දක්වා අවසන් වාර විභාග කටයුතු නියමිත කාලසටහනට අනුව පැවැත්වෙන බවද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *