අධිකරණ නියෝගයකින් අනුරාධපුර ‘යෙහෙළිය’ ළමා නිවාසය රඳවා සිටි වයස අවුරුදු 18 ට අඩු දැරියක අනුරාධපුර ‘අවන්තිදේවී’ ළමා නිවාසයට, නීති විරෝධී ලෙස රැගෙන විත් අරක්කැමි සේවයේ යොදවා කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් හිටපු පරිවාස සහ ළමා ආරක්ෂක සේවා කොමසාරිස් වත්මන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරීවරි වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීරයක් දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේ වත්මන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ සහ උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනී අමරා ශ්‍රීයානි යන සැකකරුවන්ය.