උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස භාණ්ඩ 400ක මිල අඩු කරයි: ඇමති නලින්

එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස කටයුතු කර ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එළැඹෙන උත්සව සමයේදී හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා කීරි සම්බා සහල්වලට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.

ප්‍රධාන සහ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් සහල් තොග වෙළෙඳ පොළට නිකුත් නොකර සඟවා ඇති කර ඇති කෘත්‍රිම හිඟය සමනය කිරීමට අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ද ඔහු පැවසීය.

සීනි තොග සඟවා තැබීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ සීනි හිඟයක් වාර්තා වී ඇති බවත්, එබැවින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසට බල කරන බවත් ඇමැතිවරයා කීය. වෙළෙඳපොළේ සීනි හිඟයක් ඇති කරමින් ආනයනකරුවන් සීනි ආනයනය අත්හිටුවා තිබේ.

එබැවින් වෙළෙඳපොළේ සීනි හිඟයක් ඇතිවීමේ අවදානම වළක්වා ගැනීම සඳහා සීනි සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *