උත්සව සමයට අතිරේක බස් 500ක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ බස් රථ සේවාවට අතිරේක බස් රථ 500 ක්  ඇතුළත් කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසීය.

මෙම විශේෂ බස් රථ සේවය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර  මේ මස 9 වැනිදා සිට 13 වැනිදා ක්‍රියාත්මක කරන බවත් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ සහ අවටට පැමිණිමට මේ මස 16 වැනිදා සිට 20 වැනිදා දක්වා දෙවැනි අදියර ක්‍රියාත්මක බවත්  ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *