ඊශ්‍රායල – හිස්බුල්ලා ගැටුම් තීව්‍ර වෙයි

ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාරය සාර්ථක බව හිස්බුල්ලා සංවිධානයේ නායකයා පවසයි.

ඔහු ඒ බව පැවසූවේ, හිස්බුල්ලා ප්‍රහාර සාර්ථකව මර්දනය කළ බවට ඊශ්‍රායල හමුදාව අවධාරණය කර ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර 300කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ අතර ඒවා රුසියාවේ නිෂ්පාදිත කත්යූෂා වර්ගයේ මිසයිල වේ.

හිස්බුල්ලා නායක සයියද් හසාන් නුසරල්ලා වැඩිදුරටත් පවසන්නේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයට සිදුවූ හානිය තම සංවිධානය තවමත් ගණන් බලමින් සිටින බවය.

ප්‍රහාරය සැලසුම් කළ පරිදි සිදුවූ බවත් ඒවා සාර්ථකව වැළැක් වූ බවට ඊශ්‍රායල කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

හිස්බුල්ලා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ද ලෙබනනයේ ස්ථාන රැසක් ඉලක්ක කළ අතර ඊට අදාළ වීඩියෝවක් ද නිකුත් කර තිබේ.

ප්‍රහාරවලින් හිස්බුල්ලා සහ ඔවුන්ට සහාය දක්වන අමාල් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙක් මියගොස් ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *