ඊශ්‍රායල ගැටුමේදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාව කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළේය.
සෙනසුරාදා උදෑසන ඊශ්‍රායලයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී අනුලා රත්නායක මහත්මිය මියගිය බව ඇගේ ඥාතීන් තහවුරු කළත්, එය තහවුරු කළ හැක්කේ මළ සිරුර හඳුනාගෙන තීරණය කිරීමෙන් පසුව බව තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.
“එබැවින් එතෙක් අදාළ පුද්ගලයා අතුරුදහන් වූ පුද්ගලයෙකු ලෙස හැඳින්වේ,” තානාපතිවරයා පැවසීය.
අදාළ ප්‍රදේශවල රෝහල්වල මියගොස් ඇති අයගේ සිරුරු හඳුනාගැනීම සඳහා සහය වන ලෙස ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් තමන් ඉල්ලීමක් කළ බව ඔහු ප්‍රකාශ කළේය.
“ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයේ මිලිටරි මෙහෙයුම් පවතින බැවින්, හමුදාව විසින් එම ප්‍රදේශය ආරක්‍ෂා කළ පසු පමණක් අපට පරීක්‍ෂණයක් සහ හඳුනාගැනීමේ අරමුණක් සඳහා ප්‍රවේශය ලැබෙනු ඇත,” ඔහු පැවසීය.