පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා PCR පරීක්ෂණ පැවැත්වීම ඊයේ (13) දිනයේ ආරම්භ කෙරුනු අතර, ඊයේ දිනය තුළදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 463 දෙනෙක් පරීක්ෂණයට සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා සිටියි.
කථානායකතුමා ඇතුළු මැති ඇමතිවරුන් 15 දෙනෙක්ද, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඇතුළු 448 දෙනෙකුද පී.සී.ආර්. පරීක්ෂාවට ලක් වූ බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා සිටියා.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එවනු ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් මෙම පරීක්ෂණ සිදු කෙරුණු අතර හෙට (15) දිනයේදීත් පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී PCR පරීක්ෂණ පැවැත්වෙනු ඇත.