ඉහළම දේශගුණික අවදානම් සහිත රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි.

දේශගුණික විපර්යාස අවදානම් සහිත රටවල් 10 අතරට ශ්‍රී ලංකාව සිටින බව ප්‍රකාශ කරන අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාස අවදානම අවම කර ගැනීම සඳහා දීර්ඝ කාලීන සැලසුම් සකස් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

බැංකොක් නුවර පැවති Climate Finance පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකදී මේ බව ප්‍රකාශ කළ විජේවර්ධන මහතා ජාතික දේශගුණික විපර්යාස ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව පැවසීය.

“ශ්‍රී ලංකාව ද සිය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තිය හරහා පිරවීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර 2050 වන විට ජාතියට එක ගල් අඟුරු බලාගාරයක් නොතිබෙනු ඇත. අපගේ සැලසුම් UNDP සංවර්ධන ඉලක්කවලට අනුකූල වනු ඇත,” ඔහු පැවසීය.

“දේශගුණික විපර්යාස සහ ආර්ථිකය අතර සහසම්බන්ධයක් පවතින බැවින් දේශගුණික මූල්‍යකරණය වැදගත් වේ. ශ්‍රී ලංකාව එහි වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ දේශගුණික විපර්යාස අවම කිරීමේ කාර්යයකට මුහුණ දී සිටී. අපි එක්සත් ජාතීන්ගේ BIOFIN වැඩසටහනේ සහාය ලබා ගනිමු,” ඔහු වැඩිදුරටත් පැවසීය.

දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා සාමූහික උත්සාහයක අවශ්‍යතාව විජේවර්ධන මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *