ඉසුරුපාය ඉදිරිපිට කලබල කළ හතරක් රිමාන්ඩ්

ඉසුරුපාය ඉදිරිපිට විරෝධතා පවත්වමින් කළ බල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිවු දෙනා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙළ වැඩ බල මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය.

ගුරුසේවයට බදවා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී එකමුතුව සංවිධානය කළ විරෝධාතව අතර තුර කලබල කළ සිවු දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන් එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *