ඉරාන ප්‍රහාරයෙන් කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය යුක්රේනයට

ඉරාන මිසයිල් ප්‍රහාරයකින් කඩා වැටුණු යුක්රේන ගුවන් යානයේ දත්ත ඇතුළත් කළු පෙට්ටිය යුක්රේනයට භාර දීමට ඉරාන රජය පියවර ගෙන තිබෙනවා. මගීන් 176 දෙනෙක් සමග පසුගිය ජනවාරි 8 වැනිදා කඩා වැටුනු මෙම යානය බෝයිං 737 වර්ගයේ යානයකි. යානයේ කළු පෙට්ටිය තමන්ට දෙන්නැයි ඇමෙරිකාව ඉල්ලීමක් කර ඇති නමුත් ඉරානය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉරාන හමුදාව ඉරාකයේ ඇති ඇමෙරිකානු ගුවන් හමුදා වලට මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අවස්ථාවක මෙම යානය කඩා වැටීම සිදුවී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *