ඉරණමඩු ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ; ජනතාව සෝදිසියෙන් සිටිය යුතුයි

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු හතරක් ඊයේ (28) පෙරවරුවේ විවෘත කෙරුණු අතර අධික වර්ෂාවත් සමඟ ජලාශයේ වාන් මට්ටම ඉහළම මට්ටමට ළඟා විය.

ජලාශය පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් ගංවතුර ඇතිවීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස කිලිනොච්චිය ආපදා කළමනාකරණ කාර්යාලය ජනතාවට දැනුම් දෙනවා.

ගංවතුර තත්ත්වය උග්‍ර වීමට පෙර කිලිනොච්චියේ පන්නන්කන්ඩි, කඳවලෙයි සහ මුරුසාමොට්ටායි ප්‍රදේශවල පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *