ඉන්ධන මිල අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ

ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිළ දිගින් දිගටම අඩුවෙමින් පවතින බැවින් එහි වාසිය මෙරට ජනතාවට ලබා දීමට පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමුවී තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග ඉන්ධන සදහා වන ඉල්ලුම පහත වැටීමත් සමග ලෝක වෙළෙඳ පොළෙහි ඉන්ධන මිලද ක්‍රමානුකුලව පහත වැටුණි. මෙම තත්වය සැළකිල්ලට ගෙන මෙම සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙරට ඉන්ධන මිළ සංශෝධනයක් සිදු කිරීම හා ලෝක ඉන්ධන මිළ පහළ යාමේ වාසිය මෙරට ජනතාවට ලබා දීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *