ඉන්ධන පිරුම්හල් රාත්‍රී 8.00 ට වසයි

ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඇනවුම් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාටුන්න මහතා   පැවසීය.

රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ඒ මහතා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්වලට ඊයේ දිනයේ ඇනවුම් කළ ඉන්ධන තොග අද දිනයේත් ලැබෙනු ඇති බවත් සඳුදා දින සඳහා ඉන්ධන තොග ඇනවුම් කර නොමැති බවත් නාඔටුන්න මහතා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් හිමියන් ද ව්‍යාපාරයක් කරන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කී නාඔටුන්න මහතා බලධාරීන් මෙම ගැටළුවට විසඳුම් දීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *