ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති

ඉන්ධන පිරවුම්හල්හිමියන් පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පැවසීය.

ඒ අනුව රටපුරා හිඟයකින් තොරව පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙනුඇති බව ද ඔහු කීවේය.

ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ලබාදෙන සියයට 3 ක වට්ටම්ම සම්බන්ධ ගැටලුවට රජය විසදුමක් ලබාදෙනු ඇතැයි තව දුරටත් සංගමය විශ්වාස කරන බව ද සන්දනායක මහතා කීය.

ආණ්ඩුව තීරණය කර ඇති ක්‍රමයට මාසයක කාලයක් පිරවුම්හල් ක්‍රියාත්මක කර පසුව තීරණයක් ගන්නා බව ද ඔහු කීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඛනිජ තෙගල් සංස්ථාවේ සභාපතිවරයා අවස්ථාවක් දී තිබීම නිසා ඒ පිළිබඳව අවදානය යොමුකර ඉන්ධ ඇනවුම් කිරීමට නැවත ආරම්භ කිරීමට තීරණය කළ බවත් එම රැස්වීමට වෙනත් සමාගම් යටතේ සිටින පිරවුම්හල්හිමියන්ට සභභාගිවීමට නොහැකි නම් ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් සාකච්ඡාවට සහභාගි වී විසඳුමක් ලබාගනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.

මෙම ගැටලුව මේ වන විට ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබීම පිළිබඳව අවදානය යොමු කළ බවත් වර්තමාන ආණ්ඩුවට අත්දැකීම් නොමැතිවීම නිසා මෙවැනි තීරණයක් ගත්තේ යැයි විශ්වාස කරන බවත් සන්දනායක මහතා කීය.

ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ලිපියක් භාරදී තිබීම නිසා ජනාධිපතිවරයා ඒ පිළිබඳව අවදානය යොමු කරනු ඇතැයි විශ්වාස කරන බව ද ඒ මහතා වර්තමාන ආණ්ඩුව පත්වීමට පෙර ඇතිවූ ගැටලුවකත් හේතුවෙන් ආණ්ඩුවට සාධාරණ කාලයක් ලැබිය යුතු යැයි විශ්වස කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයක් සඳහා මෙතෙක් ගෙවූ සියයට 3 ක වට්ටම් මුදල පසුගිය 1 වැනිදා සිට අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තෛ්ය. එම තීරණයට විරෝධය දක්වමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගිය 28 වැනිදා පස්වරුවේ සිට ඉන්ධන ඇනවුම් කිරීමෙන් ඉවත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *