ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුබද්ධ පුනර්ජනනීය බලශක්ති සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ ඉන්දියානු දූත කණ්ඩායම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඉන්දියානු පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමය දෙරට අතර පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර ඇති අතර දූත පිරිස දින තුනක් මෙරට රැදී සිටිති.
මෙරට පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය, දැනට ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ආයෝජන අවස්ථා, නීතිමය රාමුව, අක් වෙරළ බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය, හරිත හයිඩ්රජන් මාර්ග සිතියම සහ ඉන්දු ලංකා විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දූත පිරිස දැනුවත් කළ බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා කීය.
ඒසීඑම්ඊ, රිනිව්, අදානි හරිත බලශක්ති , පීටීසී ඉන්දියා, ජැක්සන් සමාගම, වෙල්ස්පන් නිව් එනර්ජි, ස්ටලයිට් පවර්, ශක්ති පම්ප්ස් ලිමිටඩ් සහ සුල්සෝන් යන ඉන්දීය ප්‍රධාන සමාගම් නියෝජිතයන් සමග ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.