ඉන්දීය රියැලිටි ගායනා තරගයක ජය ශ්‍රී ලංකාවේ කිල්මිෂාට

ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක විකාශය කළ රියැලිටි තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් වී තිබේ.

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ මෙම little champs 2023 තරගාවලියේ අවසන් තරගය අද පැවතියේය.

එම තරගාවලියේ කිරුළ දිනාගැනීමට සමත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිට එම වැඩසටහන සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා යි.

තරගාවලියේ කිරුළ හිමිකරගත් කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ද හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *