ඉන්දියා ගිහින් ආ හය දෙනකුට නිව්මෝනියා තත්වයක්

දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමට පැමිණි හයදෙනකු හඳුනා නොගත් නිව්මෝනියා තත්වයක් නිසා  දෙබරවැව මූලික රෝහලට  ඇතුළත් වී ඇති අතර ඉන් එක් රෝගියකු හුස්ම ගැනීමේ දැඩි අපහසුතා මත කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇතැයි  රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ පිළිබඳව රෝහලේ උසස් නිලධාරියකුගේ කළ විමසීමක දී සඳහන් කළේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙන බවය.

මෙම රෝගීන්ට වැළඳී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වයිරසයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ එම්.ආර්. අයි පර්යේෂණාගාර වෙත යවා ඇති බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *