මෙම වසරේ ලොව වේගවත්ම ආර්ථිකය ලෙස ඉන්දියාවේ ආර්ථිකය පවතිනු ඇතැයි අනාවැකි පළවී තිබේ.
ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන උපුටා දක්වමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මෙම වසරේදී සමස්ත ලෝක වර්ධනයෙන් හයෙන් එකකට පමණ ඉන්දියාව දායක වනු ඇතැයි සඳහන් ය.
ඒ අනුව IMF හි අප්‍රේල් පුරෝකථනයට අනුව ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6.1 ක පමණ අගයකින් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සියයට 0.2 ක ප්රසාරණයක් බවද වාර්තා වෙයි.