විදේශ විනිමය අර්බුදය හමුවේ, ණය ගෙවීම් කල්දැමීම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ණය විධිවිධාන ඇතුළු තවත් මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇතැයි ඩේලි මිරර් වෙත වාර්තා වේ.
ශ්‍රී ලංකාව මේ වසරේ ණය වාරික වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් චීන බැංකුවලට ගෙවීමට සිදුව තිබේ.
තතු දත් ආරංචි මාර්ග වලට අනුව රට පවතින අර්බුදයෙන් මිදෙන තුරු මෙම ගෙවීම් නැවත කාලසටහන් කිරීමට රජය සහාය ඉල්ලා ඇත.
මීට අමතරව, දේශීය කර්මාන්තවල පැවැත්ම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් මිලදී ගැනීමට රජය වෙනම ණය වැඩපිළිවෙළක් ඉල්ලා ඇත.
තත්ත්වය පිළිබඳව විමසූ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ශ්‍රී ලංකාව තවත් මූල්‍ය ආධාර ඉල්ලා ඇති බවත් දෙපාර්ශ්වයම ඒ සඳහා කටයුතු කරමින් සිටින බවත් තහවුරු කළ හැකි බවයි.
මීට පෙර ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මාර්ගයක් ලබා ගත්තේය. එමෙන්ම ඉන්දියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මාර්ගයක් ද සකස් කර තිබෙනවා.