ඉන්දියාවට සියයට 25 ක තීරු බදු

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලබන අගෝස්තු 1 වැනිදා සිට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පනවා ඇති බව පැවැසෙයි.

‘ඉන්දියාව අප මිතුරකු වුවද, ඔවුන්ගේ තීරු බදු ලෝකයේ ඉහළම තීරු බදු අතරින් එකක් වන බැවින්, අප වසර ගණනාවක් තිස්සේ ඔවුන් සමඟ සාපේක්ෂව අඩු ව්‍යාපාර සිදුකර ඇත්තෙමු’ යැයි ට්‍රම්ප් පවසා ඇත.

මෙම තීරණය දෙරට අතර වෙළඳ සබඳතාවලට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඉන්දියාව මෙතෙක් මේ පිළිබඳව නිල ප්‍රතිචාර දැක්වීමක් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *