ඉන්දියාවට පලා ගිය පොඩි ලැසී අත්අඩංගුවට

ජනිත් මදුශංක ද සිල්වා නොහොත් පොඩි ලැසී ඉන්දියානු පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ(16) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

පොඩි ලැසී නැමැත්තා බලපිිටිය අධිකරණය මගින් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණය මග හරිමින් විදෙස් ගත වී ඇති බවට ලද තොරතුරු මත වැඩබලන පොලිස්පතිගේ සෘජු මැදිහත්වීම මත සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඉන්දියාවට පලාගොස් ඇති බවට අනාවරණය විය.

ඒ අනුව ඉන්දියානු පොලිසිය සමග සිදුකළ සාකච්ඡා සහ දුරකතන ඇමැතුම් මාර්ගයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කිරීමේ ප්‍රතිළුලයක් ලෙස පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *