අද (12) අලුයම 2.34ට පමණ ඉන්දියානු සාගරයේ උතුරු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි. මෙම භූ කම්පනය රිච්ටර් මාපක 5.4ක අගයක් ගත් බවද එම මධ්‍යස්ථානය කියා සිටී.
මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවද, මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.