ඇතැම් පාර්ශ්වවලට ඉඩම් බෙදා දීමට තමන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ නමුත් ඔවුන් තම දේශපාලන හිතවතුන් නොවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළා.
“මගේ දේශපාලන හෙංචයියන්ට ඉඩම් බෙදන්න මම කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉඩම් බෙදන්න නියමිත අයගේ ලැයිස්තුවේ මගේ හෙංචයියන් හිටියේ නැති නිසා මේක වැරදියි. මම යෝජනා කළේ ඉන්ධන පිරවුම්හල් හදන්න කැමති අයට ඉඩම් ටික දෙන්න, වගා කරන්න පන්සලකට ඉඩම් දෙන්න විතරයි.” හිටපු අමාත්‍යවරයා පැවසීය.
එම අවස්ථාවේදී ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමවවික්‍රම කියා සිටියේ ඉන්ධන පිරවුම්හලක් පිහිටුවීමට ඉඩමක් ලබාදෙන ලෙස තමන් කළ ඉල්ලීමක් කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර නොමැති බවයි.
“ඔයාලගේ ඉල්ලීමත් ඇතුළත් කළා නම් මම මගේ යාළුවන්ට ඉඩම් දෙනවා කියනවා” යැයිද හිටපු අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම රණසිංහ මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කට උත්තර නැති වූ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කළා.
“මම ගොළු වුණේ නැහැ. ජනාධිපතිතුමා පිළිතුරු දුන්නා,” ඔහු පැවසීය.